හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් සිදුව තිබේ.
ඊයේ (22) පස්වරුවේ විජේරාම නිල නිවසේදී මෙම හමුව පවත්වා තිබේ.
එහිදී ඔවුන් සුහද පිළිසඳරක යෙදෙමින් දේශපාලනික හා පෞද්ගලික වශයෙන් අදහස් හුවමාරු කරගෙන ඇති බව වාර්තා වන අතර සමීපතම අසල්වැසි රාජ්‍යන් ලෙසින් දෙරට අතර පවතින, අන්‍යෝන්‍ය අවබෝධය මත විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ ගොඩනැගුණු ගැඹුරු මිත්‍රත්වය එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගෞරවයෙන් සිහිපත් කර ඇතැයි ද වාර්තා වේ