Home අද උද්ධමනය සහ ආහාර උද්ධමනයත් ඉහළට !

උද්ධමනය සහ ආහාර උද්ධමනයත් ඉහළට !

150
0

මෙරට උද්ධමනය සහ ආහාර උද්ධමනය ඉහල ගොස් තිබේ.

මේ බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2025 මාර්තු මාසය සඳහා නිකුත්කළ ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයේ දැක්වෙයි.

ඒ අනුව 2025 පෙබරවාරි මාසයේ දී -3.9% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2025 මාර්තු මාසය සඳහා -1.9% ක් දක්වා වැඩි වී ඇත.

2025 පෙබරවාරි මාසයේ දී -1.1% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2025 මාර්තු මාසයේ දී 0.8% ක් දක්වා වැඩි වී ඇත.

එමෙන්ම, 2025 පෙබරවාරි මාසයේ දී -6.0% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2025 මාර්තු මාසයේ දී -4.1% ක් දක්වා වැඩි වී ඇත

Previous articleකෙවින් ෆැරල් කාදිනල් හිමිපාණන් වතිකානයේ වැඩබලන ප්‍රධානියා ලෙස පත් කෙරේ
Next articleනව විගණකාධිපති පත්කර ගන්න ව්‍යවස්ථාදායක සභාව රැස්වෙයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here