Home අද ප්‍රවාහනයේ හතරවැන්නාත් ඉල්ලා අස්වෙයි ?

ප්‍රවාහනයේ හතරවැන්නාත් ඉල්ලා අස්වෙයි ?

120
0

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි විශ්වසනීය ආරංචි මාර්ග උපුටා දක්වමින් මව්බිම පුවත්පත වාර්තා කර ඇත.

ඒ අනුව ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස බිමල් රත්නායක පත්වීමෙන් පසුව එකී විෂය පථයට ගැනෙන ආයතන හි සිව්වැනියා ලෙස නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ගේ ඉල්ලා අස්වීම ඉතිහාසයට එක්ව තිබේ.

මීට පෙර ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ රමාල් සිරිවර්ධන, ලංකා ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය බන්දුල දිලීප විතාරණ, ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය රුවන් විජයමුණි සිය තනතුරුවලින් ඉල්ලා අස්වුහ.

Previous articleමෛත්‍රීව CID යෙන් කැඳවයි
Next articleශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here