Home අද පාස්කු ප්‍රහාරයට අදාළ ජනාධිපති කොමිසමේ හංගපු වෙළුම් තිබුණේ නෑ : අනුරගේ කතාවට...

පාස්කු ප්‍රහාරයට අදාළ ජනාධිපති කොමිසමේ හංගපු වෙළුම් තිබුණේ නෑ : අනුරගේ කතාවට සාගල උත්තර දෙයි !

289
0

පාස්කු ප්‍රහාරයට සම්බන්ධව ජනාධිපති කොමිෂන් වාර්තාවේ සඟවා තිබූ වෙළුම් දෙකක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් බවට ජනාධිපති අනුර කුමාර දිසානයක පසුගියදා ප්‍රකාශ කළත්, එවැනි සඟවනු ලැබූ වෙළුම් නොතිබූ බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක , හිටපු අමාත්‍ය සාගල රත්නායක පවසයි.

පාස්කු ප්‍රහාරයේ මහ මොලකරුවන් මෙවර පාස්කු ඉරිදා දිනය වන විට හෙළිකරන බවට ජනාධිපතිවරයා සඳහන් කළද ඒ පුස්ස- ලැජ්ජාව වසාගැනීමට ජනාධිපති කොමිසමේ වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී ඇති බවත් ඒ මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක , හිටපු අමාත්‍ය සාගල රත්නායක මේ බව සඳහන් කර සිටියේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (21) පැවති එළැඹෙන පළාත් පාලන මැතිවරණ අපේක්ෂක හමුව අමතමිනි.

විටින් විට විවිධ මාතෘකා ගෙනෙන ආණ්ඩුව පසුගිය සමයේ බටලන්ද යළි ගෙනා නමුත් අවසානයේ එහිදී ද ජවිපෙ සිදුකළ ඝාතන අනාවරණය වූ බවද ඒ මහතා සඳහන් කළේය .

තම පක්ෂයේ අපේක්ෂකයන් බොහෝ දෙනෙකු වසංගත උණ වැළඳීම හේතුවෙන් උණ රෝගී තත්වයෙන් පෙළෙන බවත්, එබැවින් මැතිවරණ ප්‍රචාරක කටයුතු පවා සිදුකිරීම ට නොහැකි තත්වය උද්ගතව ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර

Previous articleඓතිහාසික සිරි දළදා වන්දනාව පැයකින් දීර්ඝ කරයි!
Next articleඋඩින්ම දිනයි කියලා හිතන් හිටියට මාලිමාවට මේ මැතිවරණයෙන් බහුතර බලයක් ලැබෙන්නේ නෑ – හිටපු ජනපති රනිල්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here