මහනුවර ඓතිහාසික දළදා මාලිගාවේදී පැවැත්වෙන සිරි දළදා වන්දනා කාලය අද (21) සිට පැයකින් දීර්ඝ කර ඇත. ඒ අනුව නව කාලසීමාව වන්නේ දහවල් 11 සිට සවස 5 .30 ; දක්වා බව දළදා මාලිගාවේ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
මීට පෙර සිරි දළදා වන්දනා කිරීම සඳහා දහවල් 12 සිට සවස 5.30 දක්වා කාලය වෙන්කර තිබිණි. සිරි දළදා වන්දනාව සඳහා පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.
සිරි දළදා වන්දනාවේ තෙවැනි දිනය වූ ඊයේ (20) දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට අති විශාල පිරිසක් පැමිණ ඇති අතර
වෙන්කර තිබූ කාලසීමාව තුළ ඔවුන්ට සිරි දළදා වන්දනා කිරීමට නොහැකිව විවේශ මාර්ග තුනෙහි රැය පහන් කිරීමට සිදු විය.