ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොරොන්දු වූ පරිදි පාස්කු ප්‍රහාරයට වගකිවයුතු ප්‍රධානීන් පිරිසක් අද ( 21 ) දිනය තුළ හෙළි කරනු ඇතැයි රටේ බොහෝ පාර්ශව දැඩි අවධානය යොමු කරඇත.
පාස්කු ප්‍රහාරයට වසර හයක් සම්පූර්ණ වෙන අද දිනයේ ඊට වගකිවයුතුව වගකිවයුතු ප්‍රධානීන් පිරිසක් කවුද යන්න හෙළි කරන බවට ජනාධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කළේය.
ඒ අනුව පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ කටයුතු සහ ඊට වගකිවයුතු මහ මොළකරු පිළිබඳව දැඩි කතාබහක් මේ වෙන විට රට තුළ නිර්මාණය වීතිබේ.
පාස්කු ප්‍රහාරයේ මහමොලකරු අද දිනයේ හෙළි කරන බවට ජනාධිපති ලබා දුන් පොරොන්දුව ඉටුකරනු ඇතැයි රටම බලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රවුමාන් මහතා පැවසීය.
මේ හුදෙක්ම ඉටු නොවන මැතිවරණ පොරොන්දුවක් නොවුනු ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධව සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව සී. අයි .ඩී යට ලබාදීමෙන් ජනාධිපති අනුව කුමාර දිසානායක මහතාට ඇඟ බේරා ගත්ත නොහැකි බවත් එසේ නම් එය සී.අයි.ඩී යට භාරදිය යුතුව තිබුණේ මීට මාස හයකට පෙර ඔහු බලයට පත්වු අවස්ථාවේදී බවත් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.