හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතා අද (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරය හෙබවූ කාලයේදී ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් දැනට සිදු කරන විමර්ශන වලට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමට ඔහුව කැඳවූ බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසීය.
ජනාධිපති අරමුදලේ මුදල් දේශපාලනඥයන් ඇතුළු පිරිසකට ලබාදීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබේ.