බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දිසානායක මහතා යළි ලබන 05 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
බදුල්ල මහේස්ත්‍රාත් නුජිත් ද සිල්වා විසින් අද (21) මෙම නියෝගය ලබා දී තිබේ.
ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයාව සිටියදී (2016) එම පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් හයක් කල්පිරීමට පෙර ඉවත් කර ගැනීමෙන් පළාත් සභාවට රුපියල් ලක්ෂ 173ක අලාභයක් සිදු කළ බවට චාමර සම්පත් දසනායක මහතාට චෝදනා එල්ල වී තිබිණි