රට වටේ වී ගබඩා සුද්ද කරමින් පුරසාරම් දෙඩූ ආණ්ඩුව අද වන විට ගොවීන්ගෙන් මිලදීගෙන ඇත්තේ වී ලොරි හයක් පමණක් බව හිටපු අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරයි.
ඒ අනුව සහල් තොග ප්‍රමාණවත් නොවූවහොත් විදේශයන්ගෙන් ආනයනය කරන බවට ආණ්ඩුව දැන් පවසමින් සිටින බවද හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය .
හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මේ බව සඳහන් කර සිටියේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති ජනහමුවකදී අදහස් දක්වමිනි .
කලින් ආණ්ඩු විදේශයන්ගෙන් සහල් ආනයනය කරද්දී ආණ්ඩුව පිටකොටුවේ මුදලාලි කෙනෙකුට රට බාර දෙන්නයි ජාතික ජනබලවේගය පැවසූ බවත් , එසේ කියූ ඔවුන්ට අද කියන්නට ඇත්තේ ඩඩ්ලි සිරිසේනට රට භාර දෙන ලෙස බවත් හිටපු අමාත්‍යවරයා පැවසුවේය