රටම බලා ඉන්නා ඉතා වැදගත් පරීක්‍ෂණයක විමර්ශන දියත් වෙමින් ඇති බවත් නමුත් එහි ඉදිරි පියවරයන් ඉතාම සූක්ෂම සහ ප්‍රවේශම් සහගතව සිදුකළ යුතුව ඇති බැවින් සමහර තොරතුරු ජනතාවට දැම්ම දැන ගැනීමට නොහැකි නොවුණු ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානයක පවසයි.
කෙසේවෙතත් විමර්ශන ඉතා හොඳින් සිදුකරමින් යන බවට වන සහතිකය පමණක් මේ මොහොත් ලබාදීමට හැකියාව ඇති බවද ජනාධිපතිවරයා පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානයක මේ බව සඳහන් කර සිටියේ ජාතික ජන බලවේගය විසින් බදුල්ලේදී පවත්වන ලද ජන රැලියක් අමතමිනි.
ඉතාමත් වැදගත් රටම බලාගෙන ඉන්න පරීක්ෂණයක විමර්ශන දියත් වෙමින් තිබෙනවා.
හැබැයි විමර්ශනයේ ඉදිරි පියවර ඉතාමත් සූක්ෂමව සහ ප්‍රවේශම් සහගතව කළ යුතුව තිබෙනවා.
ඒ නිසා සමහර ඒවා ඕගොල්ලන්ට දැම්මා දැනගන්න ලැබෙන්නේ නැති වේවි.
විමර්ශන අපි ඉතා හොඳින් කරමින් යනවා. මට ඒ සහතිකේ දෙන්න පුළුවන්.
කට ඇරපු නැති අය කට අරින්න පටන් අරගෙන තිබෙනවා. සාක්ෂි දෙන්න බයේ හිටපු අය සාක්ෂි දෙන්න පටන් අරන් තියෙනවා. සම්බන්ධ නෑ කියපු අය සම්බන්ධතා එළිදරව් වෙමින් තිබෙනවා.
එනිසා විමර්ශන යහපත් අතට ක්‍රියාත්මක වී තිබෙනවා. අපි මේ රටේ කිසිදු අපරාධයක් කාලයේ වැලිතලාවට යටපත් වෙන්න ඉඩ නොදී පුරවැසියන්ට එහි සාධාරණය ඉටු කරන්න කටයුතු කරන බව සහතික කරනව.
ටිකක් ප‍්‍රමාද වෙයි. අපි මේවා අපේ හිතේ තියෙන ඉලක්ක කරගන්න අත්අඩංගුවට ගන්න බෑ. අධිකරණයට ගිහිල්ලා එයා වරදකරැවකු බවට පත් කිරීම සදහා හොද සාක්‍ෂි සටහන් තියෙන්න ඕන.
එනිසා යම් කාලයක් ගන්නවා හැබැයි කොයි කාලෙ ගියත් සාධාරණය ඉටු කරන්න අපේ ආණ්ඩුව බැදිලා ඉන්න බව තමුන්නාන්සෙලට සහතික කරනවා. කිසිම අපරාධයක් කාලයේ වැලි තලාවෙන් වැසී යන්න ඉඩ දෙන්නේ නෑ.
කෙසේවෙතත් පසුගිය දිනවල ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ අප්‍රේල් 21 වනදා ට පෙර ආන්දෝලනාත්මක පාස්කු ප්‍රහාරයට වගකිවයුතු කණ්ඩායමක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තුමේන්තුව විසින් අනාවරණය කිරීමේ සූදානමක් ඇති බවයි. මේ ප්‍රකාශය සිදුකරමින් මැයි 06 වනදාට යෝජිත පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ප්‍රබල ආරම්භයක් ගැනීමක් පෙන්නුම් කළද ජනාධිපති අනුර කුමාර දිසානයක රට හමුවේ පොරොන්දුවූ අප්‍රේල් 21 වනදා උදාවීමට තිබෙනුයේ තවත් පැය කිහිපයකි