Home අද තත්ත්වය බරපතළයි : පොලිසිය බාර ඇමතිත් පොලිසි යයි !

තත්ත්වය බරපතළයි : පොලිසිය බාර ඇමතිත් පොලිසි යයි !

1614
0

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ ව්‍යාජ ප්‍රවෘත්තියක් සංසරණය වීමට අදාළව විමර්‌ශන සිදුකොට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් එම අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් විසින් පොලිස්පතිවරයා ලිපියක් යොමු කර ඇත.

අදාල ලිපියේ මෙසේ දැක්වෙයි.


“මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විපේපාල මහතා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ව්‍යාජ ප්‍රවෘත්තිය සම්බන්දයෙනි.

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විපේපාල මහතා සහ නිශ්ශංක සේනාධිපති නැමැත්තා සම්බන්ධ කරමින් ව්‍යාජ ලෙස සකස් කරන ලද ප්‍රවෘත්තීන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වනු නිරීක්ෂණය විය.

අමාත්‍ය ආනන්ද විපේපාල මහතා විසින් තම අමාත්‍යංශයේදී නිශ්ශංක සේනාධිපති නැමැත්තා මුණ ගැසුණු බව හැඟවෙන ආකාරයෙන් එකී ප්‍රවෘත්තීන් නිර්මාණය කර ඇත.

එහෙත් එකි ප්‍රවෘත්තීන් ව්‍යාජ ප්‍රවෘත්තීන් වන අතර කිසිදු අවස්ථාවක ආනන්ද විජේපාල මහතා හෝ ඔහුගේ නියෝපිතයෙකු නිශ්ශංක සේනාධිපති නැමැත්තා මුන ගැසී නොමැත.

එහෙත් මෙලෙස දිගින් දිගටම ව්‍යාජ ප්‍රවෘත්තීන් නිර්මාණය කිරීමේ හරහා අමාත්‍ය ආනන්ද විව්‍යාපාල මහතාගේත් වත්මන් රජයත් කීර්ති නාමය හා ජනතා විශ්වාසය පළුදු වීමක් සිදු වන බව නිරීක්ෂණය වේ.

එමෙන්ම දිගින් දිගටම සාවද්‍ය ප්‍රවෘත්තීන් සමාජගතවීම හරහා සත්‍ය තොරතුරු දැන ගැනීම සඳහා මහජනතාව සතු අයිතිය උල්ලංඝනය වීමක් සිදු වන අතර චේතනාන්විත ලෙස සාවද්‍ය තොරතුරු සමාජගත කිරීම හරහා සමාජයට අගතිදැයි ප්‍රතිඵල ඇති කරන්නය යන්න අපගේ හැඟීමයි.

ඒ අනුව එලෙස පළ කරන ලද ව්‍යාජ ප්‍රවෘත්තීන් වල පිටපත් කිහිපයක් මේ සමඟ අමුණා ඉදිරිපත් කරන අතර මෙකී ව්‍යාජ ප්‍රවෘත්තීන් පිළිබඳව නිසි පරිදි පරික්ෂණ පවත්වා අවශ්‍ය නෛතික පියවර ගැනීමට කටයුතු කරන ලෙස ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු.”


 

Previous articleදුවගේ උපන්දින ෆොටෝ එකකට මඩක් වැදිලා : මහින්ද ජයසිංහත් CID යයි !
Next articleපලාත් පාලන මුදල් අහිමි කිරීම විධායක අයිතියක් නොවේ – හිටපු ආණ්ඩුකාරවරු කියති!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here