Home අද අනුරාණ්ඩුවට පහසුවක් : ඔන්ලයින් පනත අවලංගු කිරීමේ කෙටුම්පත රවී ගෙනෙයි !

අනුරාණ්ඩුවට පහසුවක් : ඔන්ලයින් පනත අවලංගු කිරීමේ කෙටුම්පත රවී ගෙනෙයි !

365
0

2024 මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත අවලංගු කිරීම සඳහා වන පනත් කෙටුම්පත පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විසින් ඉදිරිපත් කර තිබේ.

අදාළ පනත භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස අවුරන බව ජාතික ජනබලවේගය පක්ෂය විපක්ෂයේ සිටියදී හඬ නැගූ අතර පාර්ලිමේන්තුව තුළද එකී පනතට විරුද්ධව සිටියේය.

එය ඉවත් කරන බවටද ජාතික ජනබලවේගය පක්ෂය පොරොන්දුවූ නමුත් ආණ්ඩු බලය ලබාගැනීමෙන් පසුව ඒ සම්බන්ධව කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගත් අතර ආණ්ඩුවේ ඇතමුන් එහි පිහිට පැතූ තත්ත්වයක් ද නිරීක්ෂණය විය.

කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක එකී පනත අවලංගු කිරීම සඳහා නියමිත පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇති අතර සමාජ මාධ්‍ය තුළද ඒ සම්බන්ධව ධනාත්මක අදහස් පළවෙමින් තිබේ.

මීට පෙර වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේ විශ්‍රාම වැටුප් අහෝසි කරන බවට ආණ්ඩුව පොරොන්දුවූ නමුත් එය ක්‍රියාවට නොනැගුණු බැවින් ඒ සම්බන්ධව යෝජනාව ගෙන එනු ලැබුවේද පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විසිනි.

Previous articleනීති විරෝධී සුඛෝපභෝගී වාහන 12 ක් අත්අඩංගුවට!
Next articleපිල්ලයන්ගේ රියදුරු CID අත්අඩංගුවට!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here