පහ වසර ශිෂ්‍යත්ව උපකාරක පන්ති ගුරුවරියක් ලෙස කටයුතු කරන හයේශිකා ප්‍රනාන්දු පොලිස් නිල වාහන හා පොලිස් නිලධාරින් නීති විරෝධී ලෙස භාවිතා කර ඇත්දැයි පරීක්‍ෂණයක් සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග සඳහන් කරයි.
අදාළ උත්සවය සඳහා ශිෂ්‍යත්වයට පෙනී සිටි සිසුන් අටදහසක් සහභාගී වන බවට දැනුම්දී මුදල් ගෙවීමේ පදනම මත පොලිස්සියෙන් එම පහසුකම් ලබාගෙන ඇති බවද ඔහු පැවසීය.
නමුත් ඇය එහිදී ඇයගේ වෙනත් කාර්යයක් සඳහා එම පොලිස් පහසුකම් ලබාගෙන ඇති බව නිරීක්ෂණ වෙන බැවින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන බවද ඔහු සඳහන් කළේය.
විශේෂ අවස්ථාවන්වලදී පොලිස් නිලධාරීන්, පොලිස් වාහන මුදල් ගෙවීමේ පදනම මත ලබා ගත හැකි බව ඒ මහතා තව දුරටත් පැවසුවේය.
හයේෂිකා ප්‍රනාන්දු විසින් පසුගියදා කොළඹ BMICH හී දී ඇගේ ටියුෂන් පන්ති පැමිණ ශිෂ්‍යත්ව විභාගය ඉහළින් සමත් දරුවන් වෙනුවෙන් සම්මාන පිරිනැමීමේ උත්සවයක් සංවිධානය කර තිබූ අතර, ඒ සඳහා ඇය පැමිණී මෝටර් රථය වෙනුවෙන් ශ්‍රීලංකා පොලිසියේ මෝටර් බයිසිකල් 4ක් සහ තවත් පරිවාරක මෝටර් රථයක් මඟින් විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදී තිබිණ.
පහත දැක්වෙන්නේ අදාළ සිදුවීම සම්බන්ධව පළමු වරට Newshub.lk වාර්තා කළ පුවතයි.
හයේෂිකා ප්‍රනාන්දුට ආණ්ඩුවෙන් සුපිරි ආරක්ෂාවක්! – පොලිස් බයිසිකල් 4 පෙරගමන් පොලිස් කාර් රථ 1