Home අද දුවගේ උපන්දින ෆොටෝ එකකට මඩක් වැදිලා : මහින්ද ජයසිංහත් CID යයි !

දුවගේ උපන්දින ෆොටෝ එකකට මඩක් වැදිලා : මහින්ද ජයසිංහත් CID යයි !

404
0

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ විසින් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. වාර්තා වන ආකරයට තමා සහ සිය දියණිය සම්බන්ධව සංසරණය වන අතිශය සාවද්‍ය සහ ද්වේශ සහගත ප්‍රවෘත්තියක් සම්බන්ධව බව කියමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සිය පැමිණිල්ල සිදුකර ඇත.

එහිදී අදාළ ව්‍යාජ පුවත මගින් නියෝජ්‍ය අමාත්‍යවරයා සහ ඔහුගේ දියණියගේ ඡායාරූප භාවිත කර කොළඹ ප්‍රසිද්ධ හෝටලක සිය දියණියගේ උපන් දිනය පවත්වා ඇති බවත් ඊට අදාළ දැඩි අපහාසාත්මක සහ ද්වේශ සහගත කරුණු එම සටහනේ දක්වා ඇති බවත් පවසා තිබේ.

මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ අදාළ උපන් දින උත්සවය සිය වැඩිමහල් දියණිය විසින් 2023 වසරේ අප්‍රේල් මස 16 වැනි දින ගිරිඋල්ල ප්‍රදේශයේ සංවිධානය කර තිබූ බවත් සිය දියණිය කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණියක වන බවත් ඇය පෞද්ගලික අංශයේ රැකියාවක නිරත වන බවත් ය.

පළ කර ඇති මෙම ව්‍යාජ පුවත මගින් පූර්ණ කාලීන දේශපාලනයේ නිරත තමාට මෙන්ම තම දේශපාලන ව්‍යාපාරයට බරපතළ අපහාසයක් සිදුවන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම පැමිණිල්ල මගින් දක්වා ඇති අතර , සිය දියණිය ඇතුළු පවුලේ සාමාජිකයින්ටද මෙම අසත්‍ය පුවත මගින් ද්වේශ සහගත සහ හිතාමතාම අපහාර සිදුකර ඇති බවද සඳහන් කර තිබේ.

ඒ අනුව අදාළ සාවද්‍ය පුවත සම්බන්ධව කඩිනමින් විමර්ශනයක් කර ඊට අදාළ පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සිය පැමිණිල්ල මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබේ.

නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ ඇතුළු මේ වන විට ජාතික ජනබලවේගය ආණ්ඩුවේ හය දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කර ඇත.

Previous articleපිල්ලයන්ගේ රියදුරු CID අත්අඩංගුවට!
Next articleතත්ත්වය බරපතළයි : පොලිසිය බාර ඇමතිත් පොලිසි යයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here