ඉදිරි පලාත් පාලන මැතිවරණයෙන් අනතුරුව ජාතික ජන බලවේගය යටතේ වන පළාත් පාලන ආයතන වලට මහා ආණ්ඩුවෙන් ඇස් පියාගෙන මුදල් වෙන් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක යළිත් පවසා තිබේ.
එසේම ජාතික ජන බලවේගයෙන් පිට පළාත් පාලන ආයතන වලට මහ ආණ්ඩුවෙන් මුදල් වෙන් කිරීමේදී දහ වතාවකටත් වඩා විමසා බලන්නට සිදුවන බවත් ඊට හේතුව ඔවුන්ගේ ඉතිහාසය පිරිසුදු නැති නිසා බවත් ජනාධිපතිවරයා සදහන් කර ඇත.
අලුත් අවුරුදු සමයෙන් පසුව පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගත් ජනාධිපති එක්වූ මන්නාරම ප්‍රදේශයේ ජන රැලියකදී මෙම අදහස් පල කර තිබේ.
ජාතික ජන බලවේගයේ පළාත් පාලන ආයතන වලට මහා ආණ්ඩුවෙන් ඇස් පියාගෙන මුදල් වෙන් කරන බවට ජනාධිපතිවරයා කර ඇති මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් මැතිවරණ නිරීක්ෂණ සංවිධාන වෙතින් මැතිවරණ කොමිසම වෙත පැමිණිලි ගණනාවක් සිදුකර තිබේ.
නමුත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ මූලික මැතිවරණ නීතිය අමු අමුවේ උල්ලංඝනය කරමින් ජනාධිපති අනුර දිසානයක දිගින් දිගටම සිදුකරමින් සිටින ප්‍රකාශ සම්බන්ධව ජනපතිට එරෙහිව නීති ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි නමුත් ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කිරීමට හැකියාවක් ස්වාධීන මැතිවරණ කොමිසමට ඇති බවයි.
මේ සම්බන්ධව ලිපියක් මැතිවරණ කොමිසම විසින් ජනාධිපති ලේකම් වෙත යොමුකළ බවට ප්‍රසිද්ධ පුවත්පතක් අනාවරණය කළත් එය අසත්‍ය බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලිඛිතව නිවේදනය කර ඇති බවද විචාරකයන් සිහිපත් කරයි.
ඒ අනුව ඔවුන් පෙන්වාදෙන්නේ ජනාධිපති අනුර දිසානයක ට පළාත් පාලන මැතිවරණයක පවා නිදහසේ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කටයුතු කිරීමට කොමිසම ද දැනුවත්ව අවස්ථාව ලබාදී ඇති බවක් මේ හරහා නිරීක්ෂණය වන බවයි.
එය මැතිවරණ කොමිසමේ ස්වාධීන ප්‍රතිරූපයට හානිකර බවත්, එය එකී ආයතනයේ කලිසම ගලවා ගැනීමට සමාන බවත් විචාරක මතයවී තිබේ.
මෙම තත්ත්වය නිදහස් හා සාමකාමී මැතිවරණයක් පැවැත්වීමේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයට වැරදි ආදර්ශයක් සහ පූර්වාදර්ශයක් බවද ඔවුන් අවධාරණය කර සිටියි.
මැතිවරණ නීති කඩන කතා එපා – මැකො ජනපතිට දන්වයි : ඒ පුවත බොරු – ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දන්වයි !