හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයන්ගේ රියදුරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් (18 ) සවස අත්අඩංගුවට ගෙන ඇත.
නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය ශිව සුබ්‍රමණියම් මහතා පැහැරගෙන යෑමේ සිද්ධියකට සම්බන්ධව හිටපු රාජ්‍ය ඇමතිවරයාගේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.