Home අද විදේශගතව සැඟව සිටින අපරාධ කරුවන් 167ක් – 160 ට රතු වරෙන්තු!

විදේශගතව සැඟව සිටින අපරාධ කරුවන් 167ක් – 160 ට රතු වරෙන්තු!

215
0

මෙරට බරපතළ අපරාධ සිදුකර විදෙස් රටවලට ගොස් සැඟව සිටින අපරාධ කරුවන් 167 දෙනෙකු නැවත මෙරටට ගෙන්වා ගැනීමට රජය දැඩි උත්සාහයක නිරතව ඇත. මේ අය අතුරින් 160 දෙනෙකුට මේ වන විට රතු වරෙන්තු නිකුත් කර තිබෙන බව පොලිස් මූලස්ථානයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මෙම අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය හරහා රාජ්‍යතාන්ත්‍රික පියවර රැසක් ගෙන තිබෙන බව එම නිලධාරියා අනාවරණය කළේය.

පසුගිය කාලය පුරාවටම අපරාධකරුවන් සැඟව සිටින රටවල් සමඟ රාජ්‍යතාන්ත්‍රික ලිපි හුවමාරුව හා සාකච්ඡා පැවැත්වීම ආදී කටයුතු ඔස්සේ ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.

ප්‍රංශයට පැන ගොස් එහි සැඟව සිටින බව කියන කුඩු අංජු නමැති අපරාධකරු ගෙන්වා ගැනීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බවත් ඉදිරි කාලය තුළ ඒ සඳහා ප්‍රංශ රජයේ අනුමැතිය හිමිවනු ඇති බවත් එම පොලිස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

Previous articleඉන්දියාවත් එක්ක අත්සන් කරපු ගිවිසුම් ඕනේනම් RTI එකෙන් ඉල්ලන්න – ගිවිසුම් කෝ ඇහැව්වම නලින්ද කියයි
Next articleනිදහස් සහ සාධාරණ මැ.කො.ස කළිසම ගැලෙවෙයි : ජනපති අනුර දිගටම මැතිවරණ නීති කඩයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here