නීති විරෝධී ලෙස ලියාපදිංචි කරන ලද සුඛෝපභෝගී වාහන 12 ක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන ඇත. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ලබා දී තිබූ නියෝගයකට අනුව මෙම වාහන අත්අඩංගුවට ගෙන තිබේ.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව භාරයට ගන්නා ලද වාහන අතරින් මොන්ටේරෝ , ලෑන්ඩ්කෲසර්, ටොයෝටා වර්ග වලට අයත් ජීප් රථ 12 ක් ඇති බව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ ඉහළ නිලධාරියෙක් පැවසීය.
මීට ඉහතදී ද මෙවැනිම වාහන15 ක් අත් අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රෙගුවට බාර දුන් බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.