ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ලොව පුරා රටවල් බොහෝමයක ස්ථාපිත කර ඇති තානාපති සහ කොන්සල් කාර්යාල
අතුරින් රටවල් 30 ක ඇති එම කාර්යාල වසා දැමීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ අවධානය යොමු වී තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
අනවශ්‍ය වියදම් කප්පාදු කිරීම සඳහා මෙම පියවර ඇති බව සඳහන්ය.
යුරෝපයේ, අප්‍රිකාවේ සහ ආසියාවේ රටවල තානාපති සහ කොන්සල් කාර්යාල ඇතුළත් බව විදෙස් මාධ්‍ය තවදුරටත් සඳහන් කරයි.
ඒ අනුව ඉරාකය, මෝල්ටා, සෝමාලියාව, කොංගෝ අප්‍රිකානු ජනරජය ආදී රටවල පිහිටි අමෙරිකානු තානාපති සහ කොන්සල් කාර්යාල මෙලෙස වසා දැමීමට නියමිතව තිබේ.