Home අද අල්ලස් කොමිසමේ මාර වේගයක් : ප්‍රකාශය ගන්න එන්න කිව්වාට රනිල්ගෙන් නිවේදනයක් !

අල්ලස් කොමිසමේ මාර වේගයක් : ප්‍රකාශය ගන්න එන්න කිව්වාට රනිල්ගෙන් නිවේදනයක් !

417
0

ප‍්‍රකාශයක් ලබා ගැනීමට අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිසම විසින් කර ඇති කැදවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ ගේ කාර්‍යාලය විසින් නිවේදනයක් නිකුත්කර තිබේ.

ශ්‍රී ලංකාවේ අටවැනි විධායක ජනාධිපති වශයෙන් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ක්‍රියා කර තිබෙන අතිශය වේගවත් ස්වරූපය පුදුමය දනවන සුළු බව එහි සඳහන් කර ඇත.

එසේම  අදාළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් ය.

ඉහත ප්‍රකාශය මාධ්‍ය ඔස්සේ ප්‍රථම වරට ප්‍රචාරය වූයේ ඊයේ (10) සවස හයටය.එදින රාත්‍රියේ සිට පසු දින කාර්යාල විවෘත වන වේලාව තෙක් කිසිදු නිලධාරියෙක් කොමිෂන් සභාවේ රාජකාරි නොකළ බව තහවුරු වෙයි.

කොමිසමට කැඳවීමට අදාළ ලිපිය viii වැනි විධායක ජනාධිපතිවරයාගේ කාර්යාලයට ලැබුණේ අද (11) දහවල් 12.30 ට පමණය. කොමිෂන් සභාවේ නියමය පරිදි හිටපු ජනාධිපතිවරයා එය හමුවට කැඳවන බව ලිපියේ සඳහන්ය. මේ අනුව පැහැදිලි වන කරුණු කීපයකි.
ප්‍රකාශය කර පැය 18 ක් ගත වීමට මත්තෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දීම කර තිබේ.

නිලධාරීන් කොමිසමේ රාජකාරි නොකරන රාත්‍රී කාලය අඩු කළ විට සියලු දේ සිදුව ඇත්තේ පැය තුනක පමණ කාලයක් ඇතුළතය. එම කාලය තුළ ඉහත ප්‍රකාශයට අදාළ ලිපි ගොණුව නිලධාරින් විසින් සකසා එය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කර නියමය නිකුත් කිරීම වෙනුවෙන් කොමිෂන් සභාවද රැස්කර තිබෙන බව පැහැදිලිවම නිරීක්ෂණය වේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ මෙ ක්‍රියාකාරිත්වය ලෝක වාර්තාවක් තැබීමට සමාන වේ.අල්ලස් කොමිසම මීට පෙර ඒ ආකාරයට කිසි විටක ක්‍රියා කර නැත.

කොමිසම හමුවේ පෙනී සිටින ලෙස viii වන විධායක ජනාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ සිංහල හින්දු අලුත් අවුරුදු සමය තුළය. හිටපු ජනාධිපතිවරයාත් ඔහුගේ නීතීඥයනුත් මේ කාලය තුළ කොළඹ රැඳී නොසිටින බැවින් වෙනත් දිනයක් ඉල්ලීමට පියවර ගැනෙනු ඇත.

Previous articleසතුන්ට වඩා දෝෂ වැඩිවෙලා : රිලා සංගණනය බකල් !
Next articleදින 11කදී මණ්ඩලයෙන් 100kWට වැඩි සියළුම සෝලා ගලවයි – පාඩුව රුපියල් මිලියන 600ක්?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here