2024 වසරේ පවත්වන ලද ජන හා නිවාස සංගණනයට අනුව ශ්‍රී ලංකාවේ ජනගහනය දෙකෝටි දාහත් ලක්ෂ හැට තුන් දහස් එකසිය හැත්තෑවක් ( 21.763.170 ) බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව තහවුරු කරයි.
ශ්‍රී ලංකාවේ ජනගහනය 2012 වසරේ දී සිදුකළ සංගණනයෙන් වාර්තා වූ පුද්ගලයන් සංඛ්‍යාවට සාපේක්ෂව මෙවර සංගණනයෙන් 1.403.731 ක වැඩිවීමක් පෙන්නුම් කරන බවත් 2012-2014 කාලය තුළ ජනගහනයේ සාමාන්‍ය වාර්ෂික වර්ධන අනුපාතය සියයට 0.5 ක් බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම සංගණන වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් වැඩිම පිරිසක් එනම් සියයට 28.1බස්නාහිර පළාතේ ජීවත්වන අතර ඒ අතරෙහි වැඩිම ජනගහනයක් ජීවත් වන්නේ ජීවත්වන්නේ අතරෙහි වැඩිම ජනගහනයක් ජීවත් වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේය.
2024 ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවට අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ ජනගහනය 2.433.685 කොළඹ දිස්ත්‍රික්කයේ ජනගහනය 2,374,461 කි.කළුතර දිස්ත්‍රික්කයේ ජනගහනය 1,305,532 කි.
මෙරට වැඩිම ජනගහනයක් ඇති තුන්වෙනි දිස්ත්‍රික්කය වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කය ම දිස්ත්‍රික්කයේ ජනගහනය
1,760,829 කි.මහනුවර දිස්ත්‍රික්කයේ 1,460,269 රත්නපුර දිස්ත්‍රික්කය 1,145,138 ගාල්ල දිස්ත්‍රික්කය 1,096,585 ක් බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි