Site icon Newshub

ට්‍රම්ප් පැනවූ නව තීරුබදු තර්ජනයක් නොවෙයි : හඳුන්ගෙන් සතුට වඩන ප්‍රකාශයක් !

ඇමරිකානු ජනාධිපතිත් ඩොනල්ඩ් ට‍්‍රම්ප් පනවන ලද නව තීරුබදු ප්‍රතිපත්තිය මත ශ්‍රී ලංකාවට පැනවෙන 44% ශ්‍රී ලංකාවට මේ මොහොතට අදාළව තර්ජනයක් නොවන බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සඳහන් කරයි.

ඉදිරියේදී මෙරට නව තිරු බදු ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය .

අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළ අතර ඇමරිකාව ලෝකයේ අනිත් රටවල් සමග ඇතිකර ගන්නා වෙළඳ බාධාවල් තුළින් ලෝකයේ නව වෙළඳපළවල් ශ්‍රී ලංකාවට විවෘත වනු ඇතැයි විශ්වාසයක් ඇති බවද සඳහන් කර සිටියේ ය.

එනිසා වත්මන් තත්ත්වය බාධාවක් ලෙස සලකනවාට වඩා අවස්ථාවක් ලෙස භාර ගැනීමට සූදානම් බවත් ඇමතිවරයා පැවසුවේය

Exit mobile version