පසුගියදා සිදු කළ සත්ත්ව සංගණනය පිළිබඳ වාර්තාව හෙට (28) එළිදැක්වීමට නියමිතය.
මෙම වාර්තාව ලැබීමත් සමග එම සතුන් කළමනාකරණය කිරීම සඳහා විශේෂිත වූ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම ඇමැති කේ. ඩී. ලාල්කාන්ත මහතා පැවසීය.
වගා හානි සිදු කරන වඳුරන්, රිළවුන්, දඩුලේනන්, මොණරුන් ආදී සතුන් සම්බන්ධව විශේෂිත වූ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද ඇමතිවරයා අනාවරණය කළේය.
මේ සම්බන්ධයෙන් ගොවි ජනතාවගේ මෙන්ම සමස්ත ජනතාව ලබා දෙන සහයෝගය අගය කරන බව පැවසූ ලාල් කාන්ත මහතා ඉදිරියටත් එම සහයෝගය තුළින් සැමට පිළිගත හැකි සාධාරණ වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවිය හැකි බව වැඩිදුරටත් පෙන්වා දුන්නේය.