Home අද 58,000කට පෙබරවාරියේදී අස්වැසුම ප්‍රතිලාභ නෑ – හේතුව මෙන්න

58,000කට පෙබරවාරියේදී අස්වැසුම ප්‍රතිලාභ නෑ – හේතුව මෙන්න

65
0

අස්වැසුම ප්‍රතිලාභීන් 58,653 කට විවිධ තාක්ෂණික හේතූන් නිසා පෙබරවාරි මාසයේදී ප්‍රතිලාභ ලබාගැනීමට නොහැකි වූ බව සුභ සාධක ප්‍රතිලාභ මණ්ඩලය තහවුරු කළ බව මව්බිම පුවත්පත වාර්තා කරයි.

මේ අතර සුභසාධන ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා තවම බැංකු ගිණුමක් විවෘත නොකළ 39,855 ක් සිටින බව ද එම මණ්ඩලය පවසා ඇත.

සුභසාධන ප්‍රතිලාභ ලබා ගැනීමට නොහැකි තාක්ෂණික ගැටලු ගණනාවක් මතුව තිබෙන බව පෙන්වා දෙන සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය එකම ජාතික හැඳුනුම්පත් අංකය අයදුම්කරුවන් දෙදෙනෙක් සඳහන් කර තිබීමේ අවස්ථා 1,381ක්, එකම නම තිබෙන සාමාජිකයා පවුල් දෙකක පෙන්නුම් කිරීම් 11,828 ක්, එකම බැංකු ගිණුම් අංකය ප්‍රතිලාභීන් දෙදෙනෙක් යටතේ පෙන්නුම් කිරීම් 427 ක් ඇති බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය තහවුරු කර තිබේ.

එමෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දී ඇති ජාතික හැඳුනුම්පත් අංකය හා අස්වැසුම බැංකු ගිණුම් අංකයේ ඇති ජාතික හැඳුනුම්පත් අංකය සමඟ නොගැළපීම් 1,381 ක් ආදි වශයෙන් විවිධ තාක්ෂණික ගැටලු හේතුවෙන් විශාල පිරිසකට ප්‍රතිලාභ ලබා ගැනීමට නොහැකි වී ඇති බව මණ්ඩලය සඳහන්හන් කරයි.

අස්වැසුම ප්‍රතිලාභීන් 2025 පෙබරවාරි මාසය වන විට 1,792,626 ක් සිටි බවත් පෙබරවාරි මාසයේදී ප්‍රතිලාභ ලබාගෙන ඇත්තේ 1,733,973ක් බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ මව්බිම පුවත්පත සිදුකළ විමසීමකදී වැඩිදුරටත් පවසා තිබේ.

Previous articleසත්ත්ව සංගණන වාර්තාව හෙට (28) එළියට
Next articleඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හමාස් මාධ්‍ය ප්‍රකාශක ජීවිතක්ෂයට !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here