එක්සත් රාජධානිය විසින් මෙරට හිටපු හමුදා ප්‍රධානීන් තිදෙනෙකු ඇතුළු සිව්දෙනෙකුට සම්බාධක පැනවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් විසින් බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් ඇන්ඩෘෘ පැට්‍රික් වෙත අද (26) දිනයේදී දැනුම්දී තිබේ.
මේ බව සඳහන් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය නිවේදනයක් නිකුත්කර ඇත.
රටවල් විසින් ගනුලබන ඒකපාර්ශ්වික පියවර ශ්‍රී ලංකාවේ දේශීය සංහිඳියා ක්‍රියාදාමයට කිසිදු සහයක් නොදක්වන අතර තත්ත්වය තවදුරටත් ව්‍යාකූල කිරීමට ඉවහල් වන බව නිරීක්ෂණය වන බව එම නිවේදනයේ සඳහන් කර ඇත.
අදාළ නිවේදනය පහත දැක්වෙයි