Home අද මාලිමා මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත බලහත්කාරයෙන් ගෙනගොස් තිබූ බිරිඳගේ ප්‍රාඩෝව පොලිස් භාරයට !

මාලිමා මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත බලහත්කාරයෙන් ගෙනගොස් තිබූ බිරිඳගේ ප්‍රාඩෝව පොලිස් භාරයට !

351
0

ජාතික ජනබලවේගය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇතැයි සඳහන් කෙරුණු සිය බිරිඳ ගේ ප්‍රාඩෝ වර්ගයේ මෝටර් රථය පොලිස් භාරයට ගෙන තිබේ.

පිළියන්දල පොලිසිය විසින් මෝටර් රථය සිය භාරයට ගෙන ඇත්තේ එය පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත ගේ මිතුරෙකු සන්තයේ තිබියදී ය.

අදාළ මෝටර් රථය තමන්ට ලබාදෙන ලෙස ඉල්ලමින් පිළියන්දල පොලිසිය වෙත මන්ත‍්‍රීවරයා ගේ බිරිඳ අවස්ථා කිහිපයකදීම පැමිණිලි කර සිටියත් පිළියන්දල පොලිසිය ඊට කිසිඳු ප්‍රතිචාරයක් නොදැක්වූ බව පවසමින් සුසන්ත දොඩාවත්ත මන්ත‍්‍රීවරයා ගේ බිරිඳ නීතිඥවරියක සමඟ පැමිණ පොලිස් මූලස්ථානය වෙත ද පැමිණිල්ලක් ගොනුකර තිබිණ.

පොලිස් ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ අයිතිය තහවුරු කර ගැනීමෙන් පසුව මෝටර් රථය අයිතිකරුට මුදාහරින බවයි.

Previous articleහිටපු මන්ත්‍රීවරුන්ගේ නිල නිවාසවල විදුලි බිල් හිඟය රු. මිලියන 11.66ක් – ජාතික විගණන කාර්යාලය!
Next articleශ්‍රී ලංකා – චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරය බිමල් රත්නායකට !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here