Home අද රූපවාහිනී සංස්ථාවේ සභාපතිගේ මවගේ අභාවය ජාතික ප්‍රවෘත්තියක් කරලා !

රූපවාහිනී සංස්ථාවේ සභාපතිගේ මවගේ අභාවය ජාතික ප්‍රවෘත්තියක් කරලා !

106
0

ජාතික රූපවාහිනි සංස්ථාවේ සභාපති, ගිහාන් ද සිල්වාගේ මවගේ අභාවය වාර්තා කිරීම සදහා, එහි ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් මිනිත්තුවකට වඩා වැඩි කාලයක් වෙන්කර තිබීම සම්බන්ධව මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය තුළ ද බරපතළ විවේචනයක් එල්ලවෙමින් තිබේ.

මේ සම්බන්ධව පළකර ඇති sunday times වාර්තාව අනුව රූපවාහිනී සභාපතිවරයාගේ මවගේ දේහය පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබුණු ආකාරයත්, එහි සිට දේහය කනත්ත දක්වා රැගෙන ගිය ආකාරයත්, කනත්තේ දී අවසන් කටයුතු සිදු කළ ආකාරයත්, සෝබර සංගීතය මධ්‍යයේ මිනිත්තුවකටත් වඩා කාලයක් පුරා, ජාතික රූපවාහිනයේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුළ විකාශය කර තිබේ.

එම මරණය සභාපතිවරයාටත් ඔහුගේ පවුලේ ඥාතීන්ටත් අනෙකුත් හිතමිත්‍රාදීන්ටත් හැරුනු කොට පොදුවේ රටක මහජනතාවට අදාල වන්නේ කෙසේද යන්නද එහිදී නිවැරදිව  ප්‍රශ්න කර ඇත.

Previous articleපළාත් පාලන මැතිවරණයේ පැමිණිලි ඉදිරිපත් කිරීමට EC EDR ඇප් එක් හඳුන්වා දෙයි !
Next articleරනිල්ගේ උපන්දින සාදය : චීන තානාපති වේලාසනින් දීලා !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here