පොළොන්නරුව නව සංචාරක ගමනාන්තයක් ලෙස පිටසක්වළ ජීවීන් ලංකාවට ගොඩබහින බවට ප්‍රසිද්ධ දහයියාගල කන්ද ආශ්‍රිත ප්‍රදේශය පත්කළ හැකි බව ජාතික ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝජ්‍ය ඇමති ටී.බී සරත් පවසයි.
ඔහු මේ බව සඳහන් කර සිටියේ පසුගියදා ජාතික රූපවාහිනීයේ සාකච්ඡාවක් සඳහා සහභාගී වෙමිනි.
එහිදී වැඩසටහන මෙහෙයවූ මාධ්‍යවේදියා විමසා සිටියේ ජනාධිපතිවරයා සඳහන් කර තිබෙන නව සංචාරක ගමනාන්ත වලට අදාළව පොළොන්නරුවේ සොයාගෙන ඇති ස්ථාන පිළිබඳව ය.
ඊට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රකාශය සිදුකළේය. එහිදී මාධ්‍යවේදියා පිටසක්වළ ජීවීන් නාවත් එවැන්නක් ප්‍රචාරය කිරීමක් දැයි විමසූ විට, නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ පිටසක්වළ ජීවීන් නොපැමිණීමක් ගැන නොව ජනවහරේ ඇති ලෝකයට ගොස් තිබෙන පණිවිඩය පෝෂණය කර විද්‍යාත්මක භාවය ගැනත් සොයා බැලිය යුතු බවයි.