ව්‍යාජ ලිපි ලේඛන උපයෝගී කරගෙන නීති විරෝධී ආකාරයට සුඛෝපභෝගී මෝටර් රථ ඇතුළු වාහන මෙරටට ගෙන්වීමේ මහා පරිමාණ ජාවාරමක් පිළිබඳ තොරතුරු රැසක් පසුගියදා පැවැති කෝපා කමිටුවේදී හෙළි කරගෙන ඇත.
මෙම ජාවාරම යටතේ ට්‍රැක්ටර් රථ ගෙන්වන මුවාවෙන් සුඛෝපභෝගී වාහන දහස් ගණනක් ගෙන්වා ඇති බව මෙහිදී හෙළි කරගෙන තිබේ.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පසුගිය දා කෝපා කමිටුව හමුවට ගෙන්වූ අතර එහිදී මෙම ජාවාරමට අදාළ තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වී ඇත.
මෙම ජාවාරම්කරුවන් ව්‍යාජ ලිපි ලේඛන භාවිත කරමින් දිගු කාලයක සිට නීති විරෝධී ආකාරයට වාහන මෙරටට ගෙන්වා ඇති බවට මෙහිදී තොරතුරු අනාවරණය කරගෙන තිබේ.