Home අද නීති විරෝධී ලෙස හෝ අයථා ලෙස උපයාගෙන ඇති රාජ්‍ය දේපොළ රාජ සන්තක...

නීති විරෝධී ලෙස හෝ අයථා ලෙස උපයාගෙන ඇති රාජ්‍ය දේපොළ රාජ සන්තක කිරීමට පනතක් – මන්ත්‍රී චන්දන සූරියා ආරච්චි!

83
0

පසුගිය රාජ්‍ය පාලන කාල තුළදී නීති විරෝධී ලෙස හෝ අයථා ලෙස උපයාගෙන ඇති රාජ්‍ය දේපොළ රාජ සන්තක කිරීම සඳහා වන නීති ඇතුළත් නව පනත් කෙටුම්පත ලබන මස 08 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සැලසුම් කර ඇත.

එම පනත සකසා ඇත්තේ මෙරට රාජ්‍ය දේපොළ , රාජ්‍ය සම්පත් හා රාජ්‍ය මුදල් අයථා ලෙස ලබාගෙන පරිහරණය කරන පුද්ගලයන් ගේ ඕනෑම දේපොළක් නීතියානුකූලව අධිකරණ ක්‍රියාමාර්ග ඔස්සේ නැවත පවරා ගැනීමට හැකිවන පරිදි බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියා ආරච්චි මහතා පැවසීය.

“මේ රටේ රාජ්‍ය දේපළ , රාජ්‍ය සම්පත් , රාජ්‍ය ධනය , විවිධ වකවානුවල සිටි පාලකයන් මෙන්ම දේශපාලනඥයන් හා ඔවුන්ට සම්බන්ධ හිතවතුන් එකතුවෙලා රාජ්‍ය දේපොළ අයථා ලෙස පරිහරණය කර තිබෙනවා. ඔවුන් ඒවා අත්පත් කර ගනිමින් ඒවා තමන්ගේ බවට පත්කරගෙන තිබෙනවා. එම දේපොළ සියල්ල නීත්‍යානුකූලව අධිකරණ ක්‍රියාමාර්ගයකින් නැවත රජයට පවරා ගැනීමට හැකිවන නව පනත ලබන අටවෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.” යැයි සූරිය ආරච්චි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

Previous articleට්‍රැක්ටර් රථ මුවාවෙන් සුඛෝපභෝගී වාහන ගෙන්වාලා – කෝපා කමිටුවේදී හෙළිවෙයි!
Next articleපිටසක්වළ ජීවීන් ලංකාවට ගොඩබහින බවට ප්‍රසිද්ධ දහයියාගල කන්ද ආශ්‍රිත ප්‍රදේශය නව සංචාරක ගමනාන්තයක් – නියෝජ්‍ය ඇමති ටී.බී සරත්!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here