පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට සහ හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සංශෝධනය කිරීමට අදාළ පනත් කෙටුම්පත් කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (21) පාර්ලිමේන්තුවේදී පැවසීය.
දැනට රුපියල් මිලියනයක් වන මන්ත්‍රීවරුන්ගේ රක්ෂණාවරණය යළි රුපියල් 250,000 දක්වා අඩුකරන බව සඳහන් කළ ජනාධිපතිවරයා තමාගේ මන්ත්‍රී විශ්‍රාම වැටුපද ඉවත් කිරීමට අදාළ ලිපිය තමා විසින් පාර්ලිමේන්තුවට භාර දුන් බව අනාවරණයකළේය.
“අපි සමහර ඒවා දැන් තමයි දන්නෙ, මම ජනාධිපති වුනහම මට විශ්‍රාම වැටුපක් හම්බවෙනවා. මන්ත්‍රීවරයාගේ විශ්‍රාම වැටුපත් හම්බවෙනවා.ඒ කියන්නේ ජනාධිපති වැටුපට අමතරව මන්ත්‍රීවරයාගේ විශ්‍රාම වැටුපත් හම්බවෙනවා.මම අද ලියුමක් දුන්නා මන්ත්‍රී විශ්‍රාම වැටුප මට එපා කියලා. ඇත්තටම මම දැනගෙන හිටියේ නෑ එහෙම හම්බවෙනවාකියලා.
ඒ වගේම මන්ත්‍රීවරයා ඇමතිවරයා වන විට මන්ත්‍රී වැටුපත් හම්බවෙනවා.ඇමති වැටුපත් හම්බවෙනවා.අපි තීරණයක් ගත්තා ඇමතිවරු නියෝජ්‍ය ඇමැතිවරුන් ගන්නේ මන්ත්‍රී වැටුප විතරයි කියලා. හැබැයි මන්ත්‍රී වැටුපට ඇමතිවරුන්ට තෙල් දීමනාවක් ලැබෙනවා මන්ත්‍රී වැටුපේ තෙල් දීමනාවත් අයින් කරලා අපි දෙන්නේ. ඒ වගේම මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුපත් අයින් කරනවා.ජනාධිපති වරප්‍රසාද පනතත් සංශෝධනය කරනවා “යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.