Site icon Newshub

ක්ලින්ටන් පැනවූ නියෝගය ට්‍රම්ප් ඉවත් කරයි !

ඉංග්‍රීසි භාෂාව අමෙරිකාවේ නිල භාෂාව ලෙස නම් කර වත්මන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝගයකට අත්සන් තබා තිබේ.

ඒ, 2000 වර්ෂයේදී ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් අත්සන් කළ ඉංග්‍රීසි නොවන පිරිසට භාෂා ආධාර සැපයිය යුතු බවට පනවා තිබූ නියෝගය අහෝසි කරමිනි.

ඊට අනුව වෙනත් භාෂාවල ලේඛන සහ සේවා සපයනවා ද නැද්ද යන්න තෝරාගැනීමේ අවස්ථාව එරට රජයේ ආයතනවලට හිමි වේ.

Exit mobile version