Home අද වන අලින් ගැටීම වැළැක්වීමට දුම්රිය කාලසටහන් සංශෝධනය කෙරේ – සංශෝධිත කාලසටහන මෙන්න...

වන අලින් ගැටීම වැළැක්වීමට දුම්රිය කාලසටහන් සංශෝධනය කෙරේ – සංශෝධිත කාලසටහන මෙන්න !

46
0

රාත්‍රී කාලයේ ධාවනය වන දුම්රියන්හි වන අලින් ගැටීම වැලැක්වීම සඳහා අමතර වේග සීමා ක්‍රියාත්මක කිරීම සහ දුම්රිය කාලසටහන් සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

එහි මූලික පියවරක් ලෙස වන අලින් බහුල ලෙස සැරිසැරීම පිලිබදව වාර්තා වී ඇති ප්‍රදේශයන්හි දී දුම්රිය ධාවන වේගය අවම වන ලෙස එම කලාප සඳහා අඩු වේගසීමාවක් ලබාදී දුම්රිය කාලසටහන් සංශෝධනය කිරීමට කටයුතු කර තිබේ. එමෙන්ම අදාළ ප්‍රදේශයන්හි වනඅලින් සැරිසරන කාලසීමවන්හි දුම්රිය ධාවනය අවම වන ලෙස එම ප්‍රදේශයන් හරහා දුම්රිය ගමන් කිරීමේදී වනඅලින් වැඩි වශයෙන් සැරිසරන කාලසීමාවන්ට පෙර සහ එම කාලසීමාවන්ට පසුව දුම්රිය ධාවනය කිරීම සඳහා දුම්රිය ආරම්භක වෙලාව සංශෝධනය කිරීමට ද මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

ඒ අනුව මඩකලපුව මාර්ගයේ පලුගස්වැව සිට හිඟුරක් ගොඩ දක්වා සහ වැලිකන්ද සිට පූනානි දක්වා ද ත්‍රිකුණාමලය මාර්ගයේ ගල්ඔය හන්දිය සිට කන්තලේ දක්වා ප්‍රදේශය ආවරණය වන පරිදි මෙම දුම්රිය කාලසටහන් සංශෝධනය සිදුකර තිබේ. එය 2025 මාර්තු 07 දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මීට සමගාමීව කොළඹ කොටුව සහ මඩකලපුව අතර ධාවනය වන “මීනගයා” නගරාන්තර රාත්‍රී තැපැල් දුම්රිය සඳහා s-13 වර්ගයේ බලවේග කට්ටලයක් ධාවනයට යෙදවීම සඳහා ද සැලසුම් කර ඇත. 07 වනදා සිට ඉදිරි දිනයන් සඳහා කලින් ආසන වෙන්කිරීම් සිදුකරන ලද මගීන් හට නියමිත පරිදි කල්වේලා ඇතිව අදාළ දුම්රියන් සඳහා පැමිණීමට කටයුතු කරන ලෙස කාරුණිකව දැනුම් දී ඇත.

මෙලෙස දුම්රිය ආරම්භක වේලාවන් සංශෝධනය කිරීම සහ ඉහත පරිදි වේග සීමා පැනවීම හේතුවෙන් ගමනාන්ත දුම්රිය ස්ථාන වෙත ලඟාවීමෙදී අමතර කාලයක් ගත කිරීමට සිදුවීම සම්බන්ධයෙන් මගී ජනතාව වෙත දුම්රිය දෙපාර්තමේන්තුවේ කණගාටුව පළකර සිටින අතර වන අලින් සුරැකීම ජාතික වගකීමක් ලෙස සලකා දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කරන බව ද නිවේදනයේ සඳහන් වේ.

එම නිවේදනය පහතින්

No description available.

No description available.

Previous articleබට්ලර් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
Next articleඉන්ධන අර්බුදය ජනපති විසඳයි ද ? විෂයභාර ඇමති මුණිවත රකී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here