මෙවර අයවැයෙන් සිදුකර ඇති සෞඛ්‍ය වෘත්තිකයින්ගේ දීමනා කප්පාදුව සම්බන්ධයෙන් විසඳුමක් නොලැබුණොත් ලබන 06 වැනිදා සිට වැඩවර්ජනයක් දියත් කිරීමට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති දහයක් තීරණය කර ඇත.
අයවැයෙන් සෞඛ්‍ය සේවකයන්ට සහන දෙනවා වෙනුවට ඔවුන්ට මෙතෙක් ලබා දී තිබූ දීමනා විශාල ලෙස අඩු කර තිබෙන බව වෘත්තීය සමිති නියෝජිතයෝ පවසති.
ආණ්ඩුව ගෙන ඇති මෙම අත්තනෝමතික ක්‍රියාව සම්බන්ධව සෞඛ්‍ය ඇමති සහ වෘත්තිය සමිති අතර සාකච්ඡාවක් පසුගිය සතියේ පැවැති බවත් එහිදී දින හතක් ඇතුළත තම ඉල්ලීම් වලට විසඳුම් ලබා දෙන බවට සෞඛ්‍ය ඇමතිවරයා එකඟතාවය පළ කළ බවත් සෞඛ්‍ය වෘත්තිය වේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පැවසීය.
ලබන 06 වැනිදා ආරම්භ කරන වැඩ වර්ජනය සාර්ථක කර ගැනීම සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති ගණනාවක් එක් වන බවත් එදින විසදුමක් නොලැබුණත් අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා වූවෘත්තිය සමිති ක්‍රියාමාර්ග වෙත යන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය