Home අද “සති අග අරුණ” අනිල්ගේ පාර්ලිමේන්තු වරප්‍රසාද කැඩුවලු : නීත්‍යනුකූල පියවර ගන්නයි කතානායකගෙන්...

“සති අග අරුණ” අනිල්ගේ පාර්ලිමේන්තු වරප්‍රසාද කැඩුවලු : නීත්‍යනුකූල පියවර ගන්නයි කතානායකගෙන් ඉල්ලයි !

45
0

“සති අග අරුණ” පුවත්පතේ පළවූ ප්‍රවෘත්තියක් හේතුවෙන් තම පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය වූ බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අද (03) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.


2025 මාර්තු 02 සති අග අරුණ පුවත්පතේ ප්‍රධාන පුවත ලෙස ” විදෙස්ගත ශ්‍රමිකයන්ටත් 15%ක බද්දක්” මැයෙන් පළකර තිබූ පුවත හේතුවෙන් තමන්ගේ කීර්ති නාමය මෙන්ම තමන් ඇතුළු පාර්ලිමේන්තුවේ ආණ්ඩු පාර්ශ්වයේ සියලු මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බව ඔහු එහිදී පැවසීය.


එහිදී අදාළ පුවත වාර්තාකර තිබූ මාධ්‍යවේදියාගේ නම ද අමාත්‍යවරයා පැවසූ අතර ඊට සම්බන්ධ සියලු දෙනා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව වෙත කැඳවා නීත්‍යනුකූල පියවර ගන්නා ලෙස ඔහු කතානායකවරයා ගෙන් ඉල්ලා සිටියේය.

එහිදී කතානායකවරයා එය වරප්‍රසාද කමිටුව වෙත යොමුකරන බව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Previous articleතෙල් බෙදුම්කරුවන්ට එරෙහිව CID යට පැමිණිල්ලක් !
Next articleසෞඛ්‍ය වෘත්තීය සමිති දහයක් වැඩ වර්ජනයකට සැරසෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here