ජනතාව පීඩාවට පත් කරමින් අනීතික ලෙස කොමිස් මුදල් එක්රැස් කළ තෙල් බෙදුම්කරුවන් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
බෙදුම්කරුවන් 1,400ක පිරිසකට මහජනතාවට අයත් රුපියල් බිලියන 37ක මුදලක් අනීතිකව බෙදා ගැනීමට දී ඇති බවට ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවෙන් පෙන්වා දී තිබෙන බව අල්ලස දූෂණ නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය පවසයි.
මේ සම්බන්ධයෙන් උසාවි තීන්දුවක් දී ඇති මොහොතක එය නොතකා තෙල් බෙදාහැරීම අඩාල කිරීමට ක්‍රියා කරන බවට චෝදනා කරමින් ඔවුන් මෙම පැමිණිල්ල ගොනුකර තිබේ.
ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම මෙන්ම අධිකරණ තීන්දුවට එරෙහිව යමින් මෙතරම් විශාල මුදලක් බෙදුම්කරුවන්ට ලබාදීමේ තීන්දු තීරණ ගත් දේශපාලන අධිකාරිය හා නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය ඉල්ලා සිටී.
එම රුපියල් බිලියන 37ක මුදල රජයට නැවත ලබාගෙන ජනතාවට දෙන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින අතර වසරකට කොමිස් මුදල් ලෙස එක් බෙදුම්කරුවෙකු දෙකෝටි හැටලක්ෂයක මුදලක් උපයා ඇති බවට ඔවුන් චෝදනා කරයි.