Site icon Newshub

සටන් විරාමය බි‍ඳ වැටෙයි – ගාසා තීරයට ආධාර සහිත ට්‍රක් රථ ඇතුළුවීම නවතයි!

ගාසා තීරයට ආධාර රැගෙන ඇතුළු වන සියළුම ට්‍රක් රථ නවතා දමන බවට ඊශ්‍රායලය නිවේදනය කර තිබේ.

හමාස් සංවිධානය සමඟ එළඹි සටන් විරාමයේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඊයේ (02) සිදුකළ සාකච්ඡා අසාර්ථක වීමෙන් පසුව ඊශ්‍රායලය මෙම නිවේදනය නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ස්ථිර සටන් විරාමයක් සඳහා වු ගිවිසුමකට එළඹෙන්නේ නම්, දැනට ජීවත්වන ප්‍රාණ ඇපකරුවන්ගෙන් අඩක් නිදහස් කිරීම සහ ඉතිරි අය ගිවිසුම අවසානයේදී නිදහස් කිරීම යන කොන්දේසි මත මෙම සටන් විරාමය ක්‍රියාත්මක කිරීමට එකඟවන ලෙස ඊශ්‍රායලය මෙහිදී යෝජනා කර තිබේ.

කෙසේ වෙතත් එම ඉල්ලීමට එකඟ නොවන බවට හමාස් සංවිධානය පැවසීමත් සමඟ සාම සාකච්ඡා බිඳ වැටී තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

Exit mobile version