Site icon Newshub

ළඟ ළග තෙවැනි වරටත් රනිල් ඉන්දියාවේ : විශේෂ දේශනයකට පසුව මෝදි සමඟත් හමුවක් !

සුවිශේෂී ගෝලීය සිදුවීම් සම්බන්ධයෙන් වන ⁣හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ දේශනය නවදිල්ලියේ භාරත මණ්ඩපයේ දී අද (28) පැවැත්වීමට නියමිතව තිබේ.

⁣මීට සහභාගී වීම සදහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (27) ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙන අතර අදාළ වැඩසටහන සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙන්ම කැනඩාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්ටීවන් හාපර්, ඔස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් යන පිරිස ද එක්වීමට නියමිතව ඇති බවද වාර්තා වෙයි.

මෙහි විශේෂත්වය වනුයේ මෙම වැඩසටහනේ දකුණු ආසියාව සම්බන්ධයෙන් වන දෙසුම  හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලබාදී තිබීමයි.

මෙම ඉන්දීය සංචාරයේදී හිටපු රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක්ද පැවැත්වීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේම ඔහු ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් පිරිසක් සමගද සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති බවද වාර්තා වෙයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කෙටි කාලයක් ඇතුළත ඉන්දියාවේ සංචාරය කරන තෙවන අවස්ථාව මෙය වෙයි

Exit mobile version