අය වැය මගින් හෙද සේවාවට බරපතළ අසාධාරණයක් සිදුව ඇති බැවින් ඊට විරෝධය දක්වා අද (27) දහවල් 12 ට දිවයින පුරා පිහිටි සියලු රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මෙතෙක් මූලික වැටුපට 1/160 අනුපාතයක් ලෙස ගෙවූ අතිකාල දීමනාව 1/200 දක්වා පහත දැමීම, මූලික වැටුපට අනුව දෙවන ශ්‍රේණියේ සිට ඉහළට රජයේ නිවාඩු දින දීමනා හා සති විවේක දින සේවය වෙනුවෙන් ගෙවූ 1/20 දීමනාව 1/30 දක්වා පහළ දැමීම, උසස්වීම් ක්‍රමවේදය කප්පාදු කිරීම යනාදී කරුණු මුල්කරගෙන මෙම උද්ඝෝෂණ ක්‍රියාත්මක කරන බවද එම සංගමය පවසයි.
උද්ඝෝෂණ මාලාවට සමගාමීව කළු පටි බැඳ සේවය කිරීමේ ව්‍යාපාරයක් ද ක්‍රියාත්මක කරන බවද එම සංගමය කියයි.
මේ අතර සෞඛ්‍ය වෘත්තීය සමිති ක්‍රියාකාරීන් පවසන්නේ ජනතා විමුක්ති පෙරමුණේ හෙද සංගමය වෘත්තීය සටන පාවාදී සිටින බවත්, ඔවුන් විපක්ෂයේ සිටියදී ඉල්ලා සිටි අතිකාල දීමනා ගණනයන්ට වඩා ඉතාම පහල මට්ටමකට අතිකාල සීමා ගෙනවිත් තිබීම හමුවේ ඔවුන්ගේ මේ සීතල නිහැඬියාව සමස්ත හෙද කාර්‍ය මණ්ඩලවල අවධානය යොමුවනු ඇති බවත් ය.