Home අද ආණ්ඩුව විදුලි ගාස්තු වැඩි කිරීමට හේතු හොයමින් ඉන්නේ – චම්පික

ආණ්ඩුව විදුලි ගාස්තු වැඩි කිරීමට හේතු හොයමින් ඉන්නේ – චම්පික

22
0

වත්මන් ආණ්ඩුව විදුලි ගාස්තු වැඩි කිරීමට හේතු හොයමින් සිටින බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක පවසයි.

නොමිලේ ලැබෙන සුළං බලය සහ, සූර්ය බලය කප්පාදු කර ඉන්ධන මඟින් විදුලිය නිපදවා එහි බර ජනතාව පිට දැමීම තරං අයුක්ති සහගත, අපකීර්තිමත් දෙයක් නැති බවත් ඒ මහතා පැවසීය.

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මේ බව සඳහන් කර සිටියේ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නායකයින් සමඟ පැවති සාකච්ඡාවකින් පසුව මාධ්‍යට අදහස් දක්වමිනි .

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය .

මිල වැඩි කරන්න විදුලිබල මණ්ඩලයට බෑ. මිල වැඩි කරන්නේ මහජන උපයෝගිතා කොමිසම. රටේ කොයි කාලෙත් එතුමා එන්න කලිනුත් ජනවාරි, පෙබරවාරි, මාර්තු වල වැහි නැහැ. නමුත් අපි මතක තියාගන්න ඕනේ ජනවාරි පළවෙනිදා රටේ ජල විදුලිය ඉතාම හොඳ තත්වයක් තිබුණා. පැය 1200කට ආසන්න ප්‍රමාණයක් තිබුණා. ඒ ප්‍රමාණය පාවිච්චි කිරීමයි කළ යුතුව තිබුණේ. නමුත් අද කරන්නේ මොකක්ද? හැමදාම ඉරිදත් සෙනසුරාදා දවස් වලට නිකන් ලැබෙන සූර්ය බලය නිකන් ලැබෙන සුළං බලය කප්පාදු කරලා ඒ වෙනුවට තෙල් ඉන්ධන පාවිච්චි කරලා විදුලිය නිපදවලා ඒකට අධික වියදමක් දරලා අපිට කියනවා මේ දැන් ඉතින් මේ පායන හින්දා ප්‍රශ්නයක් තියෙනවා කියලා. පායන හින්දා කිසිම ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නය තියෙන්නේ කළමනාකරණයේ පිළිබඳ ගැටලුවක් තියෙන්න ඕනේ. විදුලි ගාස්තු වැඩි වෙනවා නම් හෝ විදුලි කප්පාදු වෙනවා නම් ඇමතිවරයා ඇතුළු ආණ්ඩුව එහි වගකීම දරන්න ඕන. මොකද ඉතාම හොඳ ජල විදුලි තත්ත්වයක් ජනවාරි පළවෙනිදා තිබුණා. ඒ වගේම දෙපාර්තමේන්තුවෙන් කියනවා සීයට අසූවක් විතර මේ වැව්වල තාම ජල මට්ටම තියෙනවා. සමහර වැව්වල සීයට අනූවක මට්ටමක්. කිසිම ප්‍රශ්නයක් නෑ.

ආණ්ඩුව මේ ගාස්තු අඩු කරන්න කැමති වුනේ නෑ. මහජන උපයෝගිතා කොමිසමනේ ගාස්තු අඩු කළේ. ගාස්තු වැඩි කිරීම තමයි ඒ වෙලාවෙත් විදුලිබල මණ්ඩලය හා ඇමතිවරයාගේ හා ආණ්ඩුවේ වුවමනාව තිබුණේ. නමුත් රටේ ජනතාවට නම් කිව්වේ වෙන එකක්. තුනෙන් එකකින් විදුලි ගාස්තු අඩු කරනවා කියලා. ඉතින් මේ විදුලි ගාස්තු වැඩි කිරීමට මොකක් හරි හේතුවක් හොය හොය තමයි ඉන්නේ. ඒකට එක හේතුවක් හැටියට තමයි අපි දකින්නේ මේ නොමිලේ ලැබෙන සුළං බලයයි, සූර්ය බලයයි කප්පාදු කිරීම. මේක ජාතික අපරාධයක් විතරක් නෙවෙයි. විශේෂයෙන්ම අපේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ සහතික වෙච්ච එකට පටහැනිව ඒ කියන්නේ පොදු යහපතට එරෙහිව පාලකයන් විසින් ගන්නා උත්සාහයක්. ඒ වගේම මේක රාජ්‍ය දේපළ අපහරණය කිරීමක්. මේ හැම කටයුත්තකටම අනාගතයේ වගවීමට සිද්ධ වෙයි. නොමිලේ ලැබෙන සුළං බලයයි, සූර්ය බලයයි කප්පාදු කරලා තෙල් වලින් විදුලිය නිපදවලා එහි බර ජනතාව පිට දැමීම තරම් අයුක්ති සහගත, අපකීර්තිමත් දෙයක් නෑ.

Previous articleවිශේෂ දේශනයකට රනිල් ඉන්දියාවට
Next articleදීමනා කප්පාදුව අසාධාරණයි : වෛද්‍ය වෘත්තිකයනුත් සටනට බහියි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here