Site icon Newshub

විශේෂ දේශනයකට රනිල් ඉන්දියාවට

ගෝලීය සිදුවීම් සම්බන්ධව විශේෂ දේශනයක් පැවැත්වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (27) ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව යෑමට නියමිතය.

නවදිල්ලි නුවර භාරත මණ්ඩපයේ දී හෙට (28) මෙම දේශනය පැවැත්වෙනු ඇත.

මෙම අවස්ථාවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍රමෝදි, කැනඩාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්ටීවන් භාෆර් සහ ඕස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් යන මහත්වරු ඇතුළු ප්‍රභූන් රැසක් සහභාගි වීමට නියමිතව ඇත.

Exit mobile version