Site icon Newshub

පළාත් පාලන මැතිවරණය අප්‍රේල් අග ? කොමිසම අද රැස්වෙයි

මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් අද (27) පැවැත්වීමට නියමිතව තිබේ. මෙම රැස්වීමේදී පළාත් පාලන මැතිවරණය සම්බන්ධව තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වේ.

පසුගියදා පළාත් පාලන අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අනුව ජූනි 02 වැනි දින පළාත් පාලන ආයතන රැස්වීමට නියමිතව ඇත.

මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග පැවසුවේ අප්‍රේල් මස අවසානයේදී හෝ මැයි මස මුල් සතියේදී පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බවයි

Exit mobile version