ශ්‍රී ලංකාව තුළ වරාය ආශ්‍රිත ව්‍යාපෘති සහ ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට ජපාන රජය එකඟතාව පළ කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමතා අකියෝ (Isomata Akio) මහතා අතර ජනාධිපති කාර්යාලයේ දී අද (27) පැවැති හමුවේදී මෙම එකගතාව පළ කර තිබේ.
ජපාන රජය මෑතකදී ආරම්භ කළ ආරක්ෂක සහයෝගීතා ආධාර වැඩසටහනට ශ්‍රී ලංකාව ඇතුළත් කරගැනීමට කටයුතු කර ඇති බව ඉසොමතා අකියෝ (Isomata Akio) මහතා සඳහන් කර තිබේ.
යුද්ධයෙන් පීඩාවට පත් උතුරු ප්‍රදේශයේ ජාතික සංහිඳියාව ඇති කිරීම සඳහා ජපානය, ස්විස්ටර්ලන්තය සහ දකුණු අප්‍රිකාව ඒකාබද්ධව සිදු කරන වැඩසටහන පිළිබඳවද මෙහිදී සාකච්ඡා කොට තිබෙන අතර එහි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද තානාපතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව දැනුවත් කර තිබේ.
ඩිජිටල් ආර්ථික සහ ගුවන්තොටුපල ආයෝජනයන්හි වර්තමාන තත්වය සහ ප්‍රගතිය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබෙන අතර නුදුරු දිනකදීම ජපානයේ නිල සංචාරයකට එක්වන ලෙසද ජපාන තානාපති ඉසොමතා අකියෝ (Isomata Akio) මහතා මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ඇරයුම් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සිය නිවේදනයේ දක්වා තිබේ.