රාජ්‍ය සේවක වැටුප් 2025 අයවැය හරහා වැඩිකිරීම සාධනීය පියවරක් ලෙස තමන් සලකන නමුත් වෛද්‍යවරුන්ගේ දීමනා කප්පාදු කළ පදනම කුමක්ද යන්න සම්බන්ධ ගැටළුවක් ඇති බවත්, එය නැවත දිනාගැනීමට අවශ්‍ය ඔනෑම මැදිහත්වීමත් සිදුකරන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුව ගණනය කර තිබූ 1/80 අමතර රාජකාරි දීමනාව 1/120 ක් දක්වාත් , 1/20 ලෙස වූ නිවාඩු දින දීමනාව 1/30ක් දක්වාත් අඩුකර තිබෙන බවද ඔවුන් පෙන්වා දෙයි.
රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ ප්‍රධානියෙකු මේ සම්බන්ධව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ අසාධාරණ ලෙස සිදුකර තිබෙන මෙම දීමනා කප්පාදුව සම්බන්ධව සාකච්ඡා කිරීමට තම සංගමය ජනාධිපතිපතිවරයා වෙතින් ද ලිඛිත ඉල්ලීමක් සිදුකර ඇති බවයි.
තමන්ට අහිමිකර තිබෙන මෙකී දීමනා යළි ලබාගැනීම සම්බන්ධව පසුගියදා රැස්වූ සංගමයේ මධ්‍යම කාරක සභාව ඒකමතික යෝජනාවක් සම්මත කළ බවත්,ඒ පිළිබඳව මේ වන විට දිවයින පුරා සිටින වෛද්‍යවරුන් දැනුවත් කිරීමද සිදුවෙමින් ඇති බව්ස්ත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය