Site icon Newshub

යුක්‍රේන ජනපති හා ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක්

යුක්‍රේන ජනාධිපති ව්ලැද්මීර් සෙලෙන්ස්කි සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් පැවැත්වීමට නියමිතව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එළැඹෙන සිකුරාදා(28) දිනයේදී වොෂිංටන්හිදී මෙම හමුව සිදුවීමට නියමිත බවත් එහිදී දෙරට අතර ඛනිජ සම්පත් බෙදාගැනීම පිළිබඳව ගිවිසුමකට එළඹීමට නියමිත බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

රුසියාවෙන් සිය රටට එල්ල වන ආක්‍රමණ සම්බන්ධයෙන් සහතිකයක් ලබාදෙන ලෙසට යුක්‍රේන ජනාධිපතිවරයා, අමෙරිකානු ජනාධිපතිවරගෙන් ඉල්ලීමක් කර ඇති බව ද වාර්තා වේ. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ එවන් සහතිකයක් අමෙරිකාවට ලබාදිය නොහැකි අතර එහි වගකීම යුරෝපය දැරිය යුතු බවයි.

Exit mobile version