Home අද රාජ්‍ය සේවා කොමිසමට 10ක් දාලා : රාජ්‍ය වියදම් අඩු කරනවා කියලා නේද...

රාජ්‍ය සේවා කොමිසමට 10ක් දාලා : රාජ්‍ය වියදම් අඩු කරනවා කියලා නේද බලය ගත්තේ ? චාමර

18
0

රාජ්‍ය සේවා කොමිසමට සභාපති ඇතුළුව 10 දෙනෙකු පත්කර ඇති බවත් රාජ්‍ය වියදම් අඩු කරන බව කියමින් බලයට පැමිණී වත්මන් පාලනය වැඩිපුර සාමාජිකයන් පත්කිරීම හරහා වියදම් වැඩිවීම සම්බන්ධව කියන්නේ කුමක්දැයි තමන් ප්‍රශ්න කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සඳහන් කළේය.

අද (27) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත‍්‍රීවරයා මෙම කරුණ ඉස්මතු කළ අතර පසුගිය පාලනය යටතේ රාජ්‍ය සේවා කොමිසම සඳහා සභාපතිද ඇතුළුව සාමාජිකයන් පත්කර තිබුණේ 6ක් පමණක් බවද සිහිපත් කළේය .

එහිදී නැඟීසිටි විෂය භාර අමාත්‍ය චන්දන අබේරත්න පවසා සිටියේ මීට පෙර අවස්ථාවක රාජ්‍ය සේවා කොමිසමට සභාපති ඇතුළුව සාමාජිකයන් 8ක් ද පත්කර තිබී ඇති බවයි.

කෙසේ වුවත් සාමාජිකයන් වැඩි වීම නිසා වියදම් වැඩිවන බව පිළිගන්නා නමුත් වෙනත් වියදම් වත්මන් ආණ්ඩුව පාලනය කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

එසේම රාජ්‍ය සේවා කොමිසමට අවම සාමාජිකයන් ගණනක් මිස උපරිම ගණනක් සඳහන් කර නොමැති බවද ඔහු සඳහන් කළේය

Previous articleවාහන 107න් ටෙන්ඩර් දැම්මේ වාහන 18යි : ඉතුරුවා කෝ ? පා.ම.චිත්‍රාල් අහයි !
Next articleතායිවාන ප්‍රදේශයට යුද ආධාර ලබාදීම වහා නතර කරන්න – චීනය ඇමෙරිකාවෙන් ඉල්ලයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here