Site icon Newshub

ජා – ඇල වෙඩි තැබීමක් – පුද්ගලයෙකු මරුට

ජා – ඇල පමුණුව මෝගන්වත්ත වෙරළ තීරයේ නාඳුනන තුවක්කුකරුවෙකු පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබේ.

ඊයේ (20) රාත්‍රියේදී මෙම වෙඩි තැබීම සිදුකර ඇත.

ඝාතනය සිදුකර ඇත්තේ කඩවත ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකු බවට පොලීසිය හඳුනාගෙන තිබේ.

ඝාතනයට හේතුව හෝ ඝාතනය සම්බන්ධව මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති බවද පොලිසීය පැවසීය.

Exit mobile version