මාධ්‍යවේදි ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ සැකකරුවන් තිදෙනෙක් නිදහස් කරමින් යොමු කළ ලිපිය යළි කැඳ වූ බවට පළවන වාර්තා නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කරයි.
එසේම මෙකී සිදුවීම සම්බන්ධව නව විමර්ශන කරුණු ඇත්නම් වාර්තා කරන ලෙස පොලිසියට දන්වා ඇති බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පසුගිය සිකුරාදා වන තුරු මෙම විමර්ශනයට අදාළ කිසිදු ගොනුවක් තම දෙපාර්තමේන්තුව වෙත ලැබී නොමැති බවද නීතිපති දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියි.
කෙසේ වුවත් මාධ්‍යවේදි ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ සැකකරුවන් තිදෙනෙක් නිදහස් කරමින් යොමු කළ ලිපිය යළි කැඳ වූ බවට ජාතික ජනබලවේගය ආණ්ඩුවට හිතවාදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් ගතවූ කාලය තුළ ප්‍රචාරය කරනු නිරීක්ෂණය කිරීමට ලැබිණ.