විදුලි බලය බිඳවැටීම වැනි සුළු සිදුවීමකට ඇමතිවරුවරයා ඉල්ලා අස්විය යුතු නැති බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.
එම බිඳවැටීම සිදු වී ඇති ආකාරය සම්බන්ධයෙන් විදුලි බල අමාත්‍යවරයා මෙන්ම විදුලි ක්ෂේත්‍රයේ විද්වතුන්ද ඉතා හොඳ පැහැදිලි කිරීමක් කර ඇති බවද ඔහු පැවසීය.
රටපුරා එකවර සිදුවූ විදුලිය බිඳවැටීම සම්බන්ධව මාධ්‍ය සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර විදුලි බලය හදිසියේ බිඳ වැටීම එක සිදුවීමක් පමණක් බවත් එය සැමදාම පවතින විදුලි බිඳ වැටීමක් නොවන බවත් ඔහු පැවසීය.
එය කිසිවකු විසින් හිතා මතා කරන ලද්දක් හෝ ආණ්ඩුවක අසාර්ථකභාවය නිසා සිදුවූ දෙයක් නොවන බවද ඇමතිවරයා පෙන්වා දෙයි.