Site icon Newshub

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් සඳහා ප්‍රමාණවත් සහන ලබානොදීමට විරෝධය පළ කරමින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මේ වන විට විරෝධතාවක නිරත වන බව වාර්තා වේ.

එම පිරිසෙන් නියෝජිතයින් 05 දෙනෙකු මේ වන විට සාකච්ඡාවක් සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා ඇති බවද වාර්තා වේ.

ව්‍යාපාරිකයින්ද මනුෂ්‍යයෝය යන්න තේමා කරගමින් ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වන අතර දේශීය පොල්තෙල් කර්මාන්තයේ දැනට පවතින ගැටලු සහ එම ගැටලු විසඳා ගැනීම සඳහා වන යෝජනා 17කින් සමන්විත යෝජනාවලික්ද රැගෙන එම පිරිස පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාලයට ඉදිරිපිටට පැමිණ තිබේ.

Exit mobile version